නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බ/ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය
අප පාසල දිනේ දින විශිෂ්ඨත්වය කරා ළඟා වන පාසලක් බව මා හට පෙන්වා දිය හැකිය. මා දැනට මා අවුරුදු 7කට ආසන්න කාලයක් නියෝජ්‍ය විදුහල්පති තනකුර හොබවන අතර, මාගේ ධූරකාලය තුළ ශිෂ්‍යයන් මෙන්ම පාසල විශාල ජයග්‍රහණ රාශියක් අත්පත් කරගන්නා ලදී. භෞතික සම්පත් හා මානව සම්පත් අතින් ද විශාල දියුණුවක් ලද පාසල් බව පෙන්වාදිය හැකිය.
එමෙන්ම තාක්ෂණය අතින් ද විශාල දියුණුවක් ලද කාල වකවාණුවක් බව ද පෙන්වාදිය හැකිය. විද්‍යාලයේ සිසුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෙරෙහි දක්වන විශාල නැඔුරුවක් දක්වන කාලයක් බව පෙන්වාදිය හැකිය. එලෙස දැක්වූ නැඔුරුතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම වෙබ් අඩවි විර්මාණය සඳහා සිසුන් යොමු වීම පෙන්වාදිය හැකිය. එමෙන්ම මෙම වෙබ් අඩවිය අපගේ පාසලේ තොරතුරු හුවමාරු කරගැනීමටත්, එය ඵලදායි අයුරින් යොදවාගැවීමටත් බලාපොරොත්තු වෙමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති
බ/ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය.